අනුර කුමාර කැනඩාවට

අනුර කුමාර කැනඩාවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) සවස කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතන ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත ජන හමුවක් 23 වන සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම තවත් ජනහමුවක් 24 වන ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේ දී පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.

Share This