මහගම සේකරයන්ගේ බිරිඳ දිවි සැරිය නිම කරයි

මහගම සේකරයන්ගේ බිරිඳ දිවි සැරිය නිම කරයි

මෙරට අග්‍රගන්‍ය කුසලතා පූර්ණ කලාකරුවකු වූ දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර මහත්මිය ඊයේ (21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය.

මියයනවිට 88 වන වියේ පසු වූ ඇය තිදරු මවකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත.

මිරිගම ජාතික පාසල, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ බොරුල්ල රත්නාවලී විද්‍යාලය ඇය සේවය කළ පාසල් අතරවේ.

මහගමසේකර කලාකරුවාගේ නිර්මාණ දිවියට නිබඳ අත්වැලක් වු කුසුමලතා මහත්මිය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා ඔහු හා විවාහ වී ඇත.

ඇයගේ දේහය අවසන් ගෞරවය සඳහා 24 සිකුරාදා පෙරවරු 10.00 සිට බොරැල්ල ජයරත්න රෙක්ස්පෙට් මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර ආදාහන කටයුතු 25⁣ සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන පරිශ්‍රයේ දී සිදුකෙරේ.

Share This