ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මරණ තර්ජන

ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මරණ තර්ජන

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පවුල් සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ක්‍රීඩකයින් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන් දූෂණය කරන බවට ද තර්ජන එල්ල වී ඇති බව එහි සඳහන්වේ.

එම තර්ජන ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට ද එල්ල වී ඇති බවට ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත.

ඉන්දියානු ක්‍රිකට් රසිකයන් විසින් මෙම තර්ජන එල්ල කර ඇති බව South Asia Index පුවත් සේවය නිකුත් කළ x සටහනේ වැඩිදුරටත් සඳහන්වේ.