ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට

හමාස් නියෝජ්‍ය නායක සලේ අල්-අරෝරි (Saleh al-Arouri) ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් තිබේ.

සලේ අල්-අරෝරි, හමාස් හමුදාපතිවරුන් දෙදෙනෙකු හා තවත් සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු බව ලෙබනන් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු බීරූට්හි උපනගරය වන ඩහියේහි (Dahiyeh) හමාස් කාර්යාලයකට ඊශ්‍රායලය එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් අරෝරි ඇතුළු පිරිස මියගොස් ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන සටනේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයා ලෙස සාලේ අල් අරූර් සැලකෙයි.

ඝාතනයට ලක් වූ 57 හැවිරිදි අරෝරි, ඊශ්‍රායලය සමඟ යුද්ධයට ගිය ජ්‍යෙෂ්ඨතම හමාස් සාමාජිකයා වේ.

හමාස් සංවිධානය මෙම මරණය හෙළා දකින අතර, එය ලෙබනනයට, එහි ජනතාවට, එහි ආරක්ෂාවට, ස්වෛරීත්වයට හා දේශපාලනට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස සලකන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එසේම, ලෙබනනයේ අගමැති, ඊශ්‍රායලය විසින් ලෙබනනය ගැටුමකට ඇද දැමීමට උත්සාහ කරන බවට චෝදනා කර ඇත.

ඊශ්‍රායල රජය පවසා ඇත්තේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය, ලෙබනනයට එරෙහිව කළ ප්‍රහාරයක් නොව, තම සතුරා හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් පමණක් බවය.

Share This