යේමනයේ පාසලක සිදු වු තෙරපීමකින් 78ක් මරුට

යේමනයේ පාසලක සිදු වු තෙරපීමකින් 78ක් මරුට

යේමනයේ Sanaa අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, රැස්ව සිටි පිරිස අතර සිටි පුද්ගලයෙක් අහස දෙසට තැබූ වෙඩිල්ලක් විදුලි රැහැනක වැදීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් මොවුන් මිය ගිය බවයි.

එක් පුද්ගලයෙකුට ඩොලර් 9 ක් බැගින් වූ ආධාර ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනතාව මෙම පාසලට එකතු වී ඇතැයි වාර්තාවේ.

Houthi කැරලිකරුවන් 2015 වසරේ දී රජය පලවා හැරීමෙන් පසු නගරය පාලනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආධාර බෙදා හැරීමට වගකිවයුත්තන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

බොහෝ පුද්ගලයින් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් Sanaa හි සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.