ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන්න බෑ

ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන්න බෑ

ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදකයන්ගෙන් 75% ක් පමණ ඩීසල්, දර සහ විදුලිය භාවිතා කිරීම මෙයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හත් දහසක් පමණ වන සමස්ත බේකරි ප්‍රමාණයෙන් ගෑස් භාවිතා කරනුයේ 2000 කට අඩු පිරිසක් පමණක් බවත් ජයවර්ධන මහතා පැවසීය.

ඩොලරයේ අගය තවදුරටත් පහත වැටී තිරිගු පිටි, මගරින්, බිත්තර මිල ආදිය අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Share This