ලාෆ්ස් ගෑස් මිලත් අද රාත්‍රියේ සිට පහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද රාත්‍රියේ සිට පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම පසුගියදා තීරණය කිරීමත් සමඟ ලාෆ්ස් ගෑස් සමාගම ද තම මිල ගණන් පහත දැමීමට කටයුතු කරන බව අද ප්‍රකාශ කළා.

ඒ අනුව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, මාසික මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම එම සමාගම වෙළඳපොළට නිකුත් කරන කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරවල මිල ද අඩු කිරීමට නියමිතව තිබෙනවා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )