ලිට්‍රෝ ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

ලිට්‍රෝ ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

ඉදිරියේදී ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඉදිරියේ සිදුවන 18%ක බදු වැඩිවීමත් සමග මෙම මිල ඉහළ යාම සිදුවිය හැකි බවයි, ලිට්‍රෝ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද උත්සව සමය පිළිබඳව සලකා ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නොදැමීමට එම සමාගම පසුගියදා තීරණය කළා.

කෙසේ වුවද ජනවාරි මාසයේ දී සිදුවන බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.‍