web hit counter
බුදු දහමට අපහාස කල චීවරධාරියා අද අධිකරණයට

බුදු දහමට අපහාස කල චීවරධාරියා අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියා අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බුදු දහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ නිකුත් කිරීම සම්බන්ධයෙන් “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වුණි.

ඒ් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව අදාළ චීවරධාරියා කලගෙඩිහේන ප්‍රදේශයේදී ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )