වාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

වාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

රාජ්‍යසේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණ ද තවදුරටත් විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව 2024 වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් නැවත නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීම් නොකරන ලෙස විධිමත් පරිදි ස්ථාන මාරුවීම් ලබා ඇති නිලධාරීන් සේවයෙන් නිදහස් කරන ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.