web hit counter
මත්පැන් මිල ගැන රජයේ තීරණය

මත්පැන් මිල ගැන රජයේ තීරණය

මේ වසරේ ජනවාරි මස සිදුකරන ලද බදු ඉහළ නැංවීමත් සමග සුරාබදු ආදායම සියයට 7.4කින් පහත බැස ඇති බව ත් ඒ අනුව මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම ද සියයට 30කින් පහළ බැස ඇති බව වැඩ බලන මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එහෙත් මත්පැන් මිල අඩුකිරීම සඳහා රජයේ කිසිදු සූදානමක් නොමැති බව ත් ඒ පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පැතිර ගිය කතාබහ අසත්‍යක් බව ත් ඔහු සඳහන් කළේ ය.

සාමාන්‍ය වසරකට සපේක්ෂව මෙම වසරේ මත්පැන් නිෂ්පාදනයේ සියයට 40ක කඩා වැටීමක් සිදුව ඇති බව ද හෙතෙම කීය.

නීත්‍යනුකූල මත්පැන් අලෙවියේ බිඳ වැටීමත් සමග පාරිභෝගිකයා නීති විරෝධී මත්පැන්වලට යොමුවීම නිසා රජයේ ආදායම අඩුවන බව ත් ජනතාවගේ සෞඛ්‍යයට වන හානිය ද ක්‍රමයෙන් ඉහළ යන බව ත් ඔහු පැවසීය.

උද්ධමනයට සාපේක්ෂව අනෙකුත් සෑම භාණ්ඩයක ම මිල ඉහළ යන පසුබිමක මත්පැන් මිල පමණක් අඩුකිරීමට රජය කිසිදු සූදානමක් නොමැති බව ද ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )