විදුලි ගාස්තු වෙනස් වෙන හැටි ගැන ඇමති කියයි

විදුලි ගාස්තු වෙනස් වෙන හැටි ගැන ඇමති කියයි

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය.

ඒ අනුව, ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකයක මිල රුපියල් 5කින් අඩුකර තිබේ.

එම කාණ්ඩය සඳහා ඒකකයක නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත.

මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් කියා සිටියේය.

එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර ඇතැයි පැවසීය.

හෝටල් කාණ්ඩය සඳහා අවමය 9%කින් විදුලිබිල අඩු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.