වැඩි වන ලයිට් බිලට එරෙහිව සජිත් සටනට

වැඩි වන ලයිට් බිලට එරෙහිව සජිත් සටනට

වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

විදුලිබල මණ්ඩලය ලාභ ලබන හෙයින් විදුලි බිල මේ මොහොතේ වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය

විදුලි බිල වැඩි කරන්න තීන්දුව අරගෙන ඉවරයි.අවුරුද්දකට විදුලි බිල වැඩි කරන්න පුළුවන් දෙපාරයි.හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියලා දැන් විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කරලා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත උල්ලංඝනය කරමින් වැරදි වැඩක් කරනවා.

අද විදුලි බිල ගැන උත්තර දෙන්න ඇමති නැහැ. මේ ආකාරයට වැරදි විදිහට කටයුතු කරන්න එපා කියලා මහජන උපයෝගීතා කොමිසමට නියෝගයක් දෙන්න කියලා කතානායකතුමාගේ ඉල්ලනවා.

විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා සිටිනවා. ආණ්ඩුව ඇයි ඒ පීඩනය නොසලකන්නේ.