පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පෑගී ඇති වූ පිපිරීමකින් කාන්තාවකට තුවාල

පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පෑගී ඇති වූ පිපිරීමකින් කාන්තාවකට තුවාල

පුපුරණ ද්‍රව්‍ය අඩංගු කොට සකස් කරන ලද හක්කපටස් වැනි කුඩා පාර්සලයක් පෑගී පුපුරායාමෙන් කඳපොල, කොංකෝඩියා වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා ඇතැයි කඳපොල පොලීසිය පවසයි.

එම වතුයායේ තේ දළු නෙලමින් සිටි වයස අවුරුදු 52 ක පමණ කාන්තාවක් මෙම අනතුරට ලක්ව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම පිපිරීම හේතුවෙන් එම කාන්තාවගේ විලුඹ ප්‍රදේශය ආශ්‍රිත කොටසට තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් පිරිසක් තේ පානය කිරීම සඳහා ගල් මත වාඩි වී ඇති බවත්, එහෙදී මෙම කාන්තාවට එම ගලක් අසලදී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහාලුම පෑගී පුපුරා ගොස් ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

Share This