සැලසිනේ විනාස කරන්න ඉඩහැර වගකිව යුත්තෝ නිහඬව ඉන්නේ ඇයි ?

සැලසිනේ විනාස කරන්න ඉඩහැර වගකිව යුත්තෝ නිහඬව ඉන්නේ ඇයි ?

දැනට වසර 42 ක පමණ කාලයක සිට රජයේ වැඩසටහන් හා දැන්වීම් ප්‍රචාරණ ආයතනය ලෙස ක්‍රියාත්මක වන සැලසිනෙ රූපවාහිනී ආයතනයේ සේවකයින් පාරට ඇදදමමින් නිෂ්පාදන අංශය වසා දැමීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නැයි වගකිව යුතු පාර්ශව වෙත දැනුම් දීම් කලත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සේවකයන් පවසයි.

මේ ආයතනයට සැමදා පැමිණි සභාපතිවරු සොරාකෑම් සිදු කලත් ඔවුන්ට එරෙහිව අදටත් කිසිවකුට දඬුවමක් ලබා දී නොමැත.

මේ ගැටලුව විසදිමට අමාත්‍යවරයා කිසිදු උත්සාහයක් නොගන්නේ මෙම සොරාකෑම් අමත්‍යවරයා අනුමත කරන නිසා විය හැකි බවට සේවකයන් චෝදනා කරයි

ආයතනය විශාල වශයෙන් ආදායම් උපයන නිෂ්පාදන අංශය වසාදැමීමට තීරණය කිරීම සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයාගේ පෞද්ගලික අවශ්‍යතාව මත තීරණය කිරීම සමස්ත කාර්ය මණ්ඩලයේම විරෝධතාවට ලක්ව තිබේ.

මෙම අංශය අකර්මණ්‍ය කිරීමට හේතුව සැලසිනෙ ආයතනයට නිෂ්පාදන කාර්යය සඳහා ලැබෙන වැඩසටහන් තම පුද්ගලික හිතවතුන් කිහිප දෙනෙකුට ලබාදී කිසිවකුටත් හසු නොවන අයුරින් විශාල කොමිස් මුදලක් ලබා ගැනීම බවද සේවකයන් චෝදනා කරයි.

මෙම විනාශකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු ඉහළ බලධාරීන් හට දැනුම් දීම් සිදු කලද ඊට මෙතක් යහපත් ප්‍රතිචාරයක් නොදක්වා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි සේවකයන් චෝදනා කරයි

Share This