දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 25 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 25 වන සිකුරාදා

රාහු කාලය
10:40 am – 12:12 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. විනෝද ක්‍රියාවන්වල ද යෙදේ. වැයපස ඉහළ යයි. ගමන් බිමන් ද තරමක් බහුල වෙයි. නවක සබඳතා වර්ධනය වෙයි. සන්ධි ඉදිමුම් රෝග, වාත රෝග මතු වේ.

Date: 2023-08-24
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘෂභ

ක්‍රියාකාරි දිනකි. පොදු සේවා උත්සව සභාවන් ආදී ක්‍රියාවන්හි යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නව ව්‍යපාර ඇරඹීමට හොඳයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-08-24
ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

අවිවේකී බව ගෙන දෙයි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුල දිනකි. වෙහෙසව ක්‍රියා කරයි. තම අරමුණු තරමක් ජය ගනී. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මුත්‍රා ආසාදන ගෙන දෙයි.

Date: 2023-08-24
ජය අංකය: 03
ශුභ වර්ණය: ලා කොළ
Qries

කටක

තරමක් ශුභවාදී ඵල දෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාරකරණයට වියපැහැදම් ඇති වෙයි. වැදගත් ඇසුරකට පත් වේ. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු ව්.

Date: 2023-08-24
ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් එල්ල වෙයි. මනස චංචල වෙයි. යාන වාහන විකිණීමට මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා ලබයි. කොන්දේ අමාරු වන රෝග සාදයි.

Date: 2023-08-24
ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍ර ඵල යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ගමන්, ප්‍රීති සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර වැයපස ඉහළ යයි. මුත්‍රා ආසාදන මතු වේ.

Date: 2023-08-24
ජය අංකය: 07
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ගමන් බිමන් බහුල වන අතර ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නිවාස අලුත්වැඩියාවකට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. වැයපස ද ඉහළයි. කර්ණ රෝග, දත් රෝග මතු වේ.

Date: 2023-08-24
ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල දේ සඳහා වැය කිරීම් ඇති වන අතර බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු දිනකි. ණයතුරුස්වීම්වලට හේතුයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු වේ.

Date: 2023-08-24
ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ක්‍රියා හා ගමන් යෙදේ. නව මිතුදම් ඇති වෙයි. මිල මුදල් වැය වන දිනකි. පාද ආබාධ සන්ධි රෝග සාදයි.

Date: 2023-08-24
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. උත්සව සැණකෙලි වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝද ජනක ක්‍රියාවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අමතර ලාභ ලබයි. සෙම් බහුල වී රෝග මතු කරයි.

Date: 2023-08-24
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ගමන් බිමන් අධික වන අතර අවිවේකී දිනකි. පොදු සේවා කටයුතු, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නිවස උත්සවශ්‍රීයාවක් ගෙන දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකව ක්‍රියා කරයි. කොන්දේ අමාරු වාතාධික රෝග මතු වේ.

Date: 2023-08-24
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

අවිවේකී බව ගෙන දෙයි. ප්‍රීති සාද සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇති වෙයි. තම ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කරයි. මිල මුදල් තරමක් වැය කරන දිනකි. සිරසගත රෝග ද සාදයි.

Date: 2023-08-24
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This