පාසල් සිසුවියක් අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට ලැබුණු දඬුවම

පාසල් සිසුවියක් අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට ලැබුණු දඬුවම

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දීමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කළේය.

මෙසේ බරපතල වැඩ සහිතව සිර දඩුවම් දෙනු ලැබුවේ, නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් යන අයකුටයි.

2010 ජනවාරි මාසයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කල අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කිරිමටත්, පාසල් සිසුවියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක කාලයක් සිර දඩුවම් ලබාදීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේය.

Share This