දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 22 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 22 වන අඟහරුවාදා

රාහු කාලය
3:18 pm – 4:51 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. ලැබෙන වගකීම් හරියට ඉටුකිරීමේ ශක්තිය ඇතිවෙයි. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවෙයි. සිරසගත රෝග වලට හේතුයි.

Date: 2023-08-22

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල දිනකි. අතපසුවීම් අධික වන බැවින් ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම මැනවි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි ප්‍රධානව ක්‍රියා කරයි. හදිසි ධනලාභ ලබයි. සෙම් බහුල රෝගද මතු කරයි.

Date: 2023-08-22

ජය අංකය: 03
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. යටපත්වූ සතුරු බලපෑම් ඉස්මතු වුවද බුද්ධියෙන් ජයගත හැක. අසල්වැසි සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර, ඇසුරු කරන්නන් අතර ප්‍රධානව ක්‍රියාකරයි. පාද ආබාධ සන්ධි රෝග මතු කරයි.

Date: 2023-08-22

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ගමන් බිමන් තරමක් අධික වෙයි. දුරගමන් වලට හේතුයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභ නොවේ. රාජකාරි වලදී කැපී පෙනේ. ආගමික උත්සව වැනි දේවලටද මුල්ව ක්‍රියාකරයි. අමතර ලාභ ගෙනදෙයි. මුත්‍රා ආසාදන රෝග ඉදිමුම් රෝග මතුවේ.

Date: 2023-08-22

ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභවාදී ඵල මතු කරයි. තම අරමුණු තරමක් ජය ගනී. ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ජන ප්‍රසාදයට හේතු කරුණු යෙදේ. තම ආර්ථික වර්ධන ක්‍රියාවන් යෙදේ. ආමාශගත රෝග ආහාර විෂවීම් වලට හේතුයි.

Date: 2023-08-22

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ගමන් වලදී ප්‍රවේශම මැනවි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. හදිසි ධන වාසනා ලාභ ලබන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට නිසා රෝග මතු කරයි.

Date: 2023-08-22

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. රාජකාරි බහුල දිනකි. සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිය මෙහෙයවා ක්‍රියා කළ යුතු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උසස් ඇසුරට පත්වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

Date: 2023-08-22

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් මතු කරයි. ආවේගශීලී ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් තමන්ට ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම් වලට හේතුයි. ආහාර විෂවීම් මත අසාත්මිකතා රෝග සාදයි.

Date: 2023-08-22

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ ඵල දෙයි. කෙටි ගමන් වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාරවල පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. විනෝද ගමන් දුරගමන් යෙදේ.

Date: 2023-08-22

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන්ට සමඟ ඒකරාශීව ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් වැයවේ.

Date: 2023-08-22

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ග වලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූල රෝග බඩවැල ආශ්‍රිත රෝග මතුවේ. කාලය හා ධනය වැයවන දිනකි.

Date: 2023-08-22

ජය අංකය: 05
ශුභ වර්ණය: දුඹුරු
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇති වෙයි. දහමටද ලැදිව ක්‍රියා කරයි. සෙම් රෝග උෂ්ණ රෝග මතු කරයි. විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙයි.

Date: 2023-08-22

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි