දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 26 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 26 වන බදාදා

රාහු කාලය
12:17 pm – 1:50 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. ගමන් බිමන්ද බහුල වීමෙන් අවිවේකී වෙයි. අතපසුවීම් මත සිත් චංචල කරවයි. දුර දිග බලා ක්‍රියා කළ යුතු දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සෙම් ආසාදන රෝග බෝවන රෝගාදි වේ.

Date: 2023-07-25

ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන් තම අරමුණු ජයගනී. උනන්දුවෙන් රැකියාවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. හදිසි ලාභ ලබයි. මූලාර්ශස් රෝග වර්ධනය කරයි.

Date: 2023-07-25

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

රාජකාරි වලදී මතවාද ඇතිවන බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. දුරගමන් වලට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සිත් චංචල වෙයි. සෘජුව ක්‍රියා කළ යුතු දිනකි. අම්ල පිත්ත රෝග සාදයි.

Date: 2023-07-25

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

රාජකාරි ස්ථානවල තරමක මතවාද ඇති කරන අතර ඉවසීමෙන් තීන්දු තීරණ ගැනීම මැනවි. ගමන් බිමන් වලදීද ප්‍රවේශමද මැනවි. කථාවේදී ක්‍රියාවේදී දෙවරක් සිතා බලා ක්‍රියා කළ යුතුයි. සිරස රෝග මතු කරයි.

Date: 2023-07-25

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

කෙටි ගමන් බිමන් සහ දුරගමන්ද යෙදේ. විනෝදජනක ක්‍රියාවන් සඳහා යොමුවෙයි. නිවාස අලංකාරකරණයටද හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. හදිසි ලාභ දෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2023-07-25

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. දවසේ ක්‍රියාකාරකම් වලින් ජය ගෙනදෙයි. අලංකාර කටයුතු ඇඳුම් පැලඳුම් ආදියෙහි වැයපස ඉහල යයි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ජයදෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

Date: 2023-07-25

ජය අංකය: 03
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

කලබලකාරී දිනකි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුවේ. ක්‍රියාකාරකම් වලදී වාද භේද ශුභවාදී නොවේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු, ආමාශගත රෝග මතුවේ.

Date: 2023-07-25

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා නිල්
Qries

වෘශ්චික

තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. අලංකාර දේවල් බඩු භාණ්ඩ ක්‍රියාවන් ආදියට වැයපස ඉහළ යයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද වැයපස ඉහළ යයි. සිරසගත රෝගද මතු කරවන දිනකි.

Date: 2023-07-25

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දවස නිවස ක්‍රියාකාරකම් වල යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහල යයි. පැවැති සෙම් රෝග වර්ධනයට හේතුයි.

Date: 2023-07-25

ජය අංකය: 05
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ශුභාශුභ ඵල මතු කරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවැති රෝග තවදුරටත් වර්ධනය වෙයි.

Date: 2023-07-25

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵලදෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමන්ට වාසි ලෙස විසඳේ. ව්‍යාපාර වලින් ජයදෙයි. කොන්දේ වාත කටීවාත වැනි රෝගවලට හේතුයි.

Date: 2023-07-25

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙලහෙළදාම් වලින් ජයදෙයි. රාජකාරි වලින් පුරුදු ලෙස යුතුකම් ඉටුකරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි.

Date: 2023-07-25

ජය අංකය: 03
ශුභ වර්ණය: තැඹිලි
Share This