තඹුත්තේගම මාරක රිය අනතුරෙන් එකම පවුලේ 4ක් මරුට – 4කට තුවාල

තඹුත්තේගම මාරක රිය අනතුරෙන් එකම පවුලේ 4ක් මරුට – 4කට තුවාල

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී අද අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

කුරුණෑගල සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසළ නැවැත්වීමට යාමේදී, එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස බඳ කොටසේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.

වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 08 දෙනෙකු අනතුරින් බරපතළ තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. ‍

එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 36 සහ 46 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ අවුරුදු 36 සහ 43 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 06 සහ 11 වියැති පිරිමි දරුවන් දෙදෙනෙකු ද, 8 හැවිරිදි දැරියක් සහ 55 හැවිරිදි පුද්ගලයෙකු ද අනතුරින් තුවාල ලැබූවන්ට අයත්.

වෑන් රථයේ රියදුරු අපරීක්ෂාකාරීව සහ අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තඹුත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, වරකාපොල, සෙවනගල සහ කාත්තන්කුඩි ප්‍රදේශවල සිදුවූ තවත් රිය අනතුරු 03 කින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

May be an image of car, motorcycle and text

May be an image of 2 people, car and text

May be an image of car and text

May be an image of car, van and text

 

May be an image of van and text

Share This