දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 06 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 06 වන අඟහරුවාදා

රාහු කාලය
3:17 pm – 4:51 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ ඵල දෙයි. තරමක් අවිවේකී බව ගෙනදෙයි. නානාවිධ ක්‍රියාකාරකම් යෙදේ. තරමක් චංචල මනසකට හේතුයි. දවස ක්‍රියාකාරකම් ඉවසීමෙන් බුද්ධිමත්ව සිදුකළ යුතුය. ස්නායුගත රෝග වාතාධික රෝග මතුකරයි.

Date: 2023-06-06

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

වෘෂභ

තරමක් ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල මතවාද පැන නගී. දෙවරක් සිතා බලා තීරණ ගැනීම ශුභයි. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. සෙම් කෝප රෝග ඌෂ්ණ රෝග මතු වේ.

Date: 2023-06-06

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

ව්‍යාපාර ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. කලක් වද දුන් ප්‍රශ්නවලට ද සාධාරණ විසඳුම් ලබයි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් ශුභදායක වේ. සම්මුඛ සාකච්ඡාවලින් ජය දෙයි. හදිසි ලාභ ගෙනදෙයි. මුත්‍රා ආසාදන රෝග ගෙන දෙයි.

Date: 2023-06-06

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් තරමක් බහුල වේ. නව ක්‍රියාමාර්ගවල යෙදීමට හේතුයි. උගත් මිතුරු ඇසුරට පත්වෙයි. තම තත්ත්වයෙහි උසස් වීමකට හේතුයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ප්‍රසාදයට පත්වන දිනකි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-06-06

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

කාර්යබහුල දිනකි. කෙටි ගමන් බිමන් යෙදේ. ගමනේදී ප්‍රවේශම ද මැනවි. ආගමික වතාවත්, පුද පූජා වැනි දේට මුල්තැන දී ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර ආමාශගත රෝග මතු කරන දිනකි.

Date: 2023-06-06

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතු කරයි. නමුත් තරමක් හුදකලා අයුරින් ක්‍රියා කිරීමට සිදුවෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ළඟම ඥාතීන් වෙනුවෙන් දවස කැප කරයි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2023-06-06

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. කෙටි ගමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැය පසද තරමක් ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පුද පූජාවල යෙදේ. හදිසි රෝග ආපදා මතු කරයි.

Date: 2023-06-06

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන් පැහැය
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතු කරයි. ඥාති සබඳතා වර්ධන ක්‍රියා දියත් කරයි. තරමක් විනෝදජනක ක්‍රියාවල යෙදේ. දහමට ලැදිවෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන දිනකි. අභ්‍යන්තරික ඉන්ද්‍රියන් හි රෝග මතු වෙයි.

Date: 2023-06-06

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

කලබලකාරී ගති මතු කරයි. සුළුවෙන් හෝ ප්‍රීතිසාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතු කරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැය පස ඉහළ යයි.

Date: 2023-06-06

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

මකර

අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. සතුරු බලවේග ද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. වැය පස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු කරවයි. තනතුරු ලාභ වරප්‍රසාද ලබන දිනකි.

Date: 2023-06-06

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍රතා සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමඟ සුහදතා වර්ධනය වෙයි. වාතාධික රෝග කොන්දේ වේදනා මතු වේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.

Date: 2023-06-06

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැය පසද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග සන්‍ධි වාත මතු වේ. දහමට ද ලැදිව ක්‍රියාකරයි.

Date: 2023-06-06

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This