දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 25 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 25 වන සඳුදා

රාහු කාලය
7:29 am – 9:00 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

තරමක් ක්‍රියාශීලී දිනකි. ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකී බවක් ගෙන දෙයි. කලබලකාරීව ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. තම ළඟම ඥාතීන් උදෙසා තරමක් වැයපසද වැඩිවෙයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2023-09-25

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තම සැලසුම් තරමක් බාධා ගෙනදෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සිත් චංචල වෙයි. දුරදිග බලා ක්‍රියාකල යුතු තමන්ට අවාසි සිදුවීමට ඉඩතිබේ. ස්නායුගත රෝගාබාධ මතුවෙයි.

Date: 2023-09-25

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති සාද වැනි දේවල් වලටද සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතාමත ක්‍රියාකිරීමටද විය පැහැදම් කිරීමටද සිදුවේ. හදිසි ලාභද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග දෙයි.

Date: 2023-09-25

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

රැකියා ස්ථානවල ප්‍රබෝධමත්ව ක්‍රියාකරයි. සමාජ සත්කාරක ක්‍රියාද යෙදේ. අසල්වැසි සබඳතා වර්ධන ක්‍රියාකාරකම් වලද යෙදේ. යාන වාහන ලාභ ලැබීම් ඇති වෙයි. අමතරර ලාභ ලබයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-09-25

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

කලබලකාරී වාතාවරණයක් යොමුවන අතර සුපුරුදු ක්‍රියාමාර්ග වල යෙදේ. ඥාති මිත්‍රාදීන් හා ඒකරාශිව ක්‍රියාකරයි. දුරගමන් වලදී ප්‍රවේශම මැනවි. තරමක් වැය පස ඉහල යන දිනකි. සිරසගත රෝග මතුවෙයි.

Date: 2023-09-25

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ ඵලමතු කරයි. කෙටි ගමන් වල යෙදෙන අතර තරමක් මිල මුදල් වැයවෙයි. පැරණි ගනුදෙනුවක් ආපසු ලැබේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර දහමටද ලැදිවෙයි. මුත්‍රා ආසාදන රෝග වලට හේතුයි.

Date: 2023-09-25

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ ඵල සහිතයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියාවන්හි යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල්ද වැයවන දිනකි. සෙම් කෝප රෝගද මතු කරයි.

Date: 2023-09-25

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

රාජකාරි වලින් ඉවත් වීමෙන් අවිවේකය මතු කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම්ද එල්ල වෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතු කරයි. යටපත්ව තිබූ රෝගද මතු කරයි.

Date: 2023-09-25

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභඵල මතු කරයි. පරීක්‍ෂණ වලින් ජය ලබයි. රැකියා ලාභ ලැබීම් වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. අනොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත්වෙයි. පාදවල ආබාධ සන්ධි රෝග සාදයි.

Date: 2023-09-25

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

ශුභඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. ගමන් බිමන් වලදී ප්‍රවේශම මැනවි. රැකී රක්‍ෂා ස්ථානවල තරමක් සිත් චංචල කරවන ක්‍රියා මතු කරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. වාතාධික රෝග, ස්නායු රෝගාදියට හේතුයි.

Date: 2023-09-25

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභඵල සහිතයි. ක්‍රියාශීලියි. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ආමාශගත රෝග වර්ධනය වේ.

Date: 2023-09-25

ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. උසස්වීම් වැනි දේවලට හේතුයි. පොදු සේවා කටයුතු වලද යෙදේ. විනෝද ජනක කටයුතු වල යෙදේ. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-09-25

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ
Share This