කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය ගැන කැබිනට් තීරණයක්

කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය ගැන කැබිනට් තීරණයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, මේ වසරේ සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා දේශීය සිසුන් ගෙවීම් පදනමින් සහ උසස් පෙළ සිසුන් ‘ඉසෙඩ්’ ලකුණු සහ අනෙකුත් සුදුසුකම් මත පදනම්ව ඇතුළත් කර ගැනීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව සඳහා එලෙස අනුමැතිය හිමිව ඇත.

Share This