මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂකයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා වන ඇප මුදල රුපියල් 11,000 ක් දක්වාත්, ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප මුදල රුපියල් 16,000 ක් දක්වාත් ඉහළ දමා තිබේ.

පළාත් සභා ඡන්ද විමසීමේ පනත අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැම්පතුව රු. 6,000 ක් දක්වාත් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු 11,000 ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සහ අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Share This