ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති තනතුර නිමල්ට

ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති තනතුර නිමල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කර තිබේ.

හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් අද (08) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.

එහි වැඩ බලන ලේකම් වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා තේරි පත් විය.

නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බවයි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දේශපාලන රැස්වීමක් මෙලෙස කැඳවා තිබිණි.

Share This