චෙක් ජනරජයෙන් පින්නවලට ලැබුණු අමුත්තෝ

චෙක් ජනරජයෙන් පින්නවලට ලැබුණු අමුත්තෝ

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ” එමු ” ( Emu ) පක්ෂීන් තිදෙනකු සහ “රින් ටේල් ලීමර්” ( Ring – Tailed Lemur ) වදුරන් සිව් දෙනෙකු 09/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයකි.

“රින් ටේල් ලීමර්” වදුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශ වලට ආවේනික, වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති, සර්ව භක්ෂක සතුන් විශේෂයකි .

අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වදුරන් දෙදෙනෙකු සහ අවුරුදු 11 ක් වයසැති ගැහැනු ලීමර් වදුරන් දෙදෙනෙකු මෙසේ එවා තිබුණි.

මෙම සතුන් 09/06 දින රාත්‍රී 09.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 6184 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම සතුන් පින්නවල, වාගොල්ල සත්වෝද්‍යානයේ 10/06 දින තෙක් මාසයක කාළයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව, එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය .

මෙම සතුන් භාර ගැනීම සදහා පින්නවල , වාගොල්ල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මලිත් ලියනගේ , දෙහිවල සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී මේනක පතිරගේ ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ.