මාතර – බංගමදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක්

මාතර – බංගමදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක්

මාතර – බංගම, දෙදියගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පවුල් ආරවුලක් මත ඊයේ (28) රාත්‍රියේ ඇයගේ නිවස තුලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, දෙදියගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහක කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකාරියගේ සහෝදරියගේ සැමියා අද අලුයම අකුරැස්ස – ලේනම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමට භාවිතා කළ බව කියන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Share This