![ලාෆ්ස් ගෑස් මිලත් පහළට ලාෆ්ස් ගෑස් මිලත් පහළට](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/04/laf-gas.jpg?quality=100&f=auto)
ලාෆ්ස් ගෑස් මිලත් පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ.
එම සමාගම පවසන්නේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරන බවය.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි.
එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,652කි.