කෙහෙළිය CIDයට හෙට එන්නම් කියයි

කෙහෙළිය CIDයට හෙට එන්නම් කියයි

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් දෙදෙනෙකුට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ තමන් හෙට දින පැමිණෙන බවය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් වන සමන් රත්නායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පෙබරවාරි 01 වන දින මාළිගාකන්ද අධිකරණයේ කැදවීමට නියමිත අතර මේ වනවිට සැකකරුවන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.