පොලිස් සිරමැදිරියේ සිටි තරුණයෙක් අබිරහස් ලෙස මියයයි

පොලිස් සිරමැදිරියේ සිටි තරුණයෙක් අබිරහස් ලෙස මියයයි

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 ක තරුණයෙකු පොලිස් සිර මැදිරියේදී රෝගාතුරව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, අනුරාධපුර දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු 22 ක පවුලේ එකම පිරිමි දරුවායි.

සනුකගේ මව විදෙස්ගතව සිටින අතර පියා කොළඹ රැකියාවක නිරත වේ. එම නිසා සනුක සිටින්නේ සිය නැන්දනිය භාරයේයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය මගින් ඊයේ (30) දින මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු අනුරාධපුර, දෙවන පියවරේදි අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තිබුණි.

පොලීසියට රැගෙන යනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටි ඔහුගේ මරණය සැකසහිත බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.

Share This