කෙහෙළිය ඇතුළු 6 දෙනෙකුට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

කෙහෙළිය ඇතුළු 6 දෙනෙකුට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් නඩුව අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව් දෙනෙකුට ඇප ලබාදීම මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළේය.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදීය.

ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරු සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.