ලේ බැංකුවෙන් ඉල්ලීමක්

ලේ බැංකුවෙන් ඉල්ලීමක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිරය ලබාදීමේදි ප්‍රමාණය ඉක්මවා රුධිරය ලබානොදන ලෙස එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ රුධිරය ප්‍රදානය කරනා පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ වෙසක් උත්සව සමයේ ලේ පරිත්‍යාගශීලීන් වැඩි වශයෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිරය ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි.

මෙසේ වැඩි වශයෙන් රුධිරය ලබාදීමේදී සිදුවන්නේ ඒවා ගබඩා කරගැනීමට අපහසුවී අපතේ යාමක් සිදුවීමයි.

එම නිසා රුධිර ප්‍රදානය කිරීමේ සායන පැවැත්වීමේදී රුධිර බැංකුවට අවශ්‍ය රුධිරය පමණක් ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිරය ලැබීමේ අඩුවක් පැවතියද මේ වනවිට එම තත්ත්වය පහව ගොස් අවශ්‍ය ප්‍රමාණයට රුධිරය ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.