කටුනායකට එමින් තිබු ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙක් හදිසියේ මිය යයි

කටුනායකට එමින් තිබු ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙක් හදිසියේ මිය යයි

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වීමෙන් ගුවන් යානය තුළ ඊයේ (27දා) රාත්‍රී මිය ගොස් සිටි බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 05/27 දින රාත්‍රී 10.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදු වී තිබේ .

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි රත්නලිංගම් රාමලිංගම් නැමැති පිරිමි පුද්ගලයෙකි.

මෙම ගුවන් යානය ගුවන් ගත වී මද වේලාවකට පසුව ගුවන් මගියා හදිසි හෘදයාබාධයක් වැළදීමෙන් අනතුරුවගුවන් යානය තුළම මිය ගොස් තිබේ.

ගුවන් යානය යළි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත හරවා නොගොස් කෙළින්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ගුවන් නියමුවන් පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මළසිරුර කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී ඇති අතර මේ වනවිට මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ .

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )