බුදු දහමට අපහාස කළ නටාෂා රටින් පනින්න යද්දී අත්අඩංගුවට

බුදු දහමට අපහාස කළ නටාෂා රටින් පනින්න යද්දී අත්අඩංගුවට

බෞද්ධ ආගමට අපහාස වන පරිදි “මෝඩාභිමානය” නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි එදිරිසූරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.

කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ දී අත් අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට මෙම කාන්තාව කොළඹ, නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.