සමාජ මාධ්‍ය නියාමන පනත පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමන පනත පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට අද (3) ඉදිරිපත් කළේය.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු නොවීය.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනත් දෙකක් එකවර ඉදිරිපත් කිරීමෙන් අධිකරණ කටයුතුවලට යම් බාධාකාරී තත්වයක් මතු වන හෙයින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුව ඉදිරිපත් කරන බවයි.

පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විරෝධතා පෙත්සම් ඉදිරිපත් කෙරෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා සලකා බැලීමට කාලයක් වැය කිරීමට සිදුවන්නේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.