කළුතර පාසල් සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර පාසල් සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර දකුණ, නවාතැන් පොලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බව සදහන්වේ.

සිද්ධියෙන් මියගියේ, කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරියයි.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අළුයම වැටලීම කර ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

Share This