මීනගයා සහ උදය දේවී අවලංගුයි

මීනගයා සහ උදය දේවී අවලංගුයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (12) පෙරවරු 06.05 ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.

කොළඹ කොටුව සිට මඩකලපුව බලා අද (11) රාත්‍රියේ ධාවනය වන මීනගයා රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

ඒ අනුව, රාත්‍රී 7.15 ට කොළඹ කොටුව සිට මඩකලපුවත් මඩකලපුව සිට කොළඹ කොටුව බලාත් ධාවනය වන තැපැල් දුම්රියන් අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

Share This