ජය ශ්‍රී ‘රුවිතේ’ එක්ක අලුත් ගමනක

ජය ශ්‍රී ‘රුවිතේ’ එක්ක අලුත් ගමනක

කාලෙන් කාලෙට ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට නැවුම් මුහුණුවරක් ගෙනඑන ජය ශ්‍රී ලා ජාත්‍යන්තර රසික හදවත් දිනාගත්තු කණ්ඩායමක් විදියට ප්‍රසිද්ධයි.

ජය ශ්‍රී ලා අලුත් වැඩක් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා පහුගිය දින කීපය පුරාවටම සමාජ මාධ්‍යය තුළ පළවුණා. මේ සාකච්ඡා වලදී රුවිතයක් ගැන වගේම ඩයමන්ඩ් එකක් ගැනත් ජය ශ්‍රී ලා කතා කරා.

ජය ශ්‍රී කියන මේ කතාව ඇත්තටම, සිංදුවක් ද නැත්නම් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් ඒජන්සි එකක් ද කියන කතාව සමාජ මාධ්‍ය තුළ නැගුණා. “ජය ශ්‍රී” ලත් ඔවුන්ගේ ෆේස්බුක් පිටුව තුළත් මේ ගැන විමසීමක් කරලා තිබුණා.

කොහොම වුණත්, මේ වෙද්දී ජය ශ්‍රී ල ගේ කතාවේ ඇත්ත නැත්ත හෙළිදරව් වෙලා තියෙනවා. ජය ශ්‍රී ලම කියන විදියට මේ කතාව ‘රුවිතේ’ කියන අලුත් ගීතයක් ගැනයි.

ඒ ගැන ඔවුන් කියන්නේ, ‘ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.

ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්‘ යන්නයි.

මේ ගීතය එළඹෙන 28 වැනිදා හරියටම ලංකාවේ වෙලාවෙන් හවස 5ට ජය ශ්‍රී යූ ටියුබ් චැනල් එකෙන් රිලීස් වෙන්න නියමිතයි. ජය ශ්‍රී ලා එක එක කතා මැව්ව රුවිතේ බලන්න අමතක නොකර එදාට සෙට් වෙන්න.

Share This