ලොකු ළූණු මිල ඉහළට

ලොකු ළූණු මිල ඉහළට

වෙළෙදපොළ තුළ මේ වන විට ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ලොකු ළූණු තොග මිල රුපියල් 600ක් ලෙස ද, සිල්ලර මිල රුපියල් 700ක් ලෙස ද ඉහළ ගොස් තිබේ.

පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ළූණු අපනයනය ඇනහිටීම හේතුවෙන් මෙලෙස ලොකු ළූණු මිල ඉහළ ගොස් ඇති බවයි, ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.

රජය මැදිහත් වී ලොකු ලූනු ආනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල දී ගැනීමට සිදුවිය හැකි බවයි, ලොකු ලූනු අනයනකරුවන් පවසන්නේ.

 

 

Share This