දයාසිරි යළි ශ්‍රීලනිපයට?

දයාසිරි යළි ශ්‍රීලනිපයට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට දන්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය බදාදා දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසට කැඳවා මෙම ආරාධනය කර ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය බාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගන්නා බවට මෛත්‍රීපාල මහතා පවසා තිබේ.

එහෙත් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ධූරය හැර වෙනත් ධූරයක් බාරගැනීමට තමන් සූදානම් නැති බව සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, පක්ෂයේ මහ ලේකම් ධූරයට දුෂ්‍මන්ත මිත්‍රපාල මහතා පත්කර ඇති නිසා ඔහුව එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බවය.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධූරය හැර වෙනත් තනතුරක් බාර නොගන්නා බව දයාසිරි ජයසේකර මහතා දැනුම් දී ඇති බවද පැවසේ.

Share This