ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්

ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ.

කැලිෆෝනියාවේ Woodside හි සුඛෝපභෝගී Filoli Historic House & Garden හි නායකයින් දෙදෙනාගේ හමුව සිදු වුණා.

සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි.

එහිදී ඉහළ මට්ටමේ හමුදා සන්නිවේදන නැවත ආරම්භ කිරීමට ලෝක බලවතුන් එකඟ වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

2022 දී නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසු චීනය සහ අමෙරිකාව අතර හොඳහිත තවදුරටත් පළුදු වූ අතර, සිදුවිය හැකි මිලිටරි ගැටුම් වළක්වා ගැනීම සඳහා එය යථා තත්ත්වයට පත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය උනන්දු වූ ආකාරය පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණා.

සැන් ෆ්රැන්සිස්කෝ හි ඓතිහාසික වතුයායක සිදුවූ මෙම රැස්වීම වසරකට වැඩි කාලයක් තුළ ප්‍රතිවාදී නායකයින් පෞද්ගලිකව කතා කළ පළමු අවස්ථාව සනිටුහන් කරනවා.

මේ වසර මුලදී චීනය සිය ගුවන් සීමාව හරහා ඔත්තු බැලූ බැලූනයක් යැවූ බවට අමෙරිකා එක්සත් ජනපදය චෝදනා කිරීමත් සමඟ සබඳතා කඩා වැටුණු නමුත් මේ වන විට එය ක්‍රමයෙන් වැඩිදියුණු වීමට පටන් ගෙන තිබෙනවා.

ලෝක නායකයින් ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද්ධ, ජාත්‍යන්තර වෙළඳාම සහ තායිවානය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම ලෝක බලවතුන් දෙදෙනාගේ ද්වීපාර්ෂවික සාකච්ඡා අතරතුර අමෙරිකානු ජනපති බයිඩ්න් පවසා ඇත්තේ,

දෙරට අතර තරඟය ගැටුමකට නොපැමිණිය යුතු බවයි. එකිනෙකා නිසි ආකාරයෙන් අවබෝධකරගනිමින් ඉදිරියට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම එහිදී අමෙරිකානු සහ චීන නායකයින් අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Monara

 

Share This