web hit counter
ටයිටන් සොයන්න වික්ටර් 6000 මුහුදු පතුළට

ටයිටන් සොයන්න වික්ටර් 6000 මුහුදු පතුළට

මුහුදු පතුලට ළඟා වී මතුපිටට ඡායාරූප සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රංශයට අයත් යාත්‍රාවක් අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලාපයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Victor 6000 නම් අදාළ යාත්‍රාව සතුව සතුව සුන්බුන් කැපීම හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් උපාමාරු කළ හැකි යාන්ත්‍රික අවි දෙකක් ද ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, වික්ටර් 6000 යානයට දැනට අත්ලාන්තික් සාගරයේ සැරිසරන ඕනෑම යාත්‍රාවකට වඩා විශාල ගැඹුරකට (අඩි 20,000 ක් දක්වා) ළඟා විය හැකිය

මුහුදු මට්ටමේ සිට අඩි 12,500 ක් පමණ පහළින් පිහිටා ඇති ටයිටැනික් සුන්බුන් තුළ ටයිටන් යානය සිරවී ඇත්නම් ඊට සහාය විය හැකි ලෝහ කැපීමට හැකි චලනය කළ හැකි අතක්ද මෙම මිනිසුන් රහිත යාත්‍රාවට ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )