‘මතුවෙන්න’ සමගින් එන ජය ශ්‍රී

‘මතුවෙන්න’ සමගින් එන ජය ශ්‍රී

දියමන්තියක වටිනාකම වැඩිවෙන්නේ, තව තවත් සුන්දර වෙන්නේ ඒ දියමන්තිය අපූරුවට ඔප මට්ටම් වුණු විටයි. ‘මතුවෙන්න – The Diamond Story’ නමින් ජය ශ්‍රී ලා පහුගියදා ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවට නිකුත් කළ නවතම ගීතයෙන් කියැවෙන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

‘සිව්කොණ එකතුවෙලා

ජය කණුව සොයනා වෙලේ

සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍

ජයගන්නට හැකි තුරුම්පුවක් වී

ලොවටම පෙන්වන්න

මතුවෙන්න

පණදෙන්න

රුවි‍තේ

විඳගන්න

ජයගන්න‘

තාරුණ්‍යයට ඇරයුම් කරන ජය ශ්‍රී ලා කියන්නේ ජයගන්නට පුළුවන් තුරුම්පුවක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන මතුවෙන්න කියලයි.

අපේකම අගයන ජය ශ්‍රී ලා මේ ගීතය පුරාම දක්වන ඩයමන්ඩ් සංකේතයෙන් ඒ බව තව තවත් සිහිපත් කරනවා.

සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත ගණනාවක සංගීතය නිර්මාණය කළ රැප්සිලා (සාරංග දිනේෂ්). මේ ගීතයේ රූප රචනය තුළ ලංකාවේ ලස්සන හා ආකර්ශණීය තැන් ගණනාවක් දැකගන්න පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය ඒ අතරින් විශේෂයි.

ප්‍රසංග වේදිකාවේ ගැයෙන ජය ශ්‍රී ලගේ අනෙක් ගීත වලට වඩා මේ ගීතය විශේෂ වෙන්නේ අපේකම අගයන වගේම වෙනස් විදියේ රූප රචනයකින් මැවුණු ගීයක් නිසයි. තාරුණ්‍යයට ජයපැන් බොන්නට, හිතවත් වෙන්නට වගේම අනාගතය දකින්නට ආරාධනා කරන ජය ශ්‍රී ලා වෙනස් නොවන බැඳීම් සමග යළි එක්වන්නටත් ආරාධනා කරනවා.

Share This