රාගම දුම්රියපොළ අසළ නාඳුනන මළ සිරුරක්

රාගම දුම්රියපොළ අසළ නාඳුනන මළ සිරුරක්

රාගම දුම්රියපොළ ආසන්නයේ තිබී ඊයේ (05) උදෑසන කාලයේ දී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මරණකරු වයස අවුරදු 65ත් 75ත් අතර උස අඩි 06යි අඟල් 02ක් පමණ වන පිරිමි අයකු බවයි, පොලිසිය සඳහන් කළේ.

එසේම, අදාළ පුද්ගලයා තළෙළු සිරුරක් ඇති සුදු කොණ්ඩය මැද තට්ටය සහ උඩු රැවුල හා යටි රැවුල් වවා ඇති බව ද සඳහන්ය.

මියගිය පුද්ගලයා, සුදු හා ළා අළු වර්ණයෙන් යුතු කමිසයක් හා අළු පැහැති කොටු සහිත කලිසමක් හැඳ ඇති බව පොලීසිය පැවසීය.

 

 

Share This