96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි – හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්

96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි – හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ වුණා.

96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණ, හොඳම නළුවා සහ හොඳම සිනමා පටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට ‘ඔාපන්හයිමර්’ චිත්‍රපටය සමත් විය.

IMG

‘ඔාපන්හයිමර්’ යනු පරමාණු බෝම්බය නිර්මාණය කළ ඇමෙරිකන් විද්‍යාඥ රොබට් ඕපන්හයිමර්ගේ ජීවිත කතාව ඇසුරින් සිනමාවට නැගුණු සිනමා නිර්මාණයයි.

මෙහි ‘ඔාපන්හයිමර්’ ලෙස චරිත නිරූපණය කළ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳම අධ්‍යක්ෂවරයා වූයේ ‘ඔාපන්හයිමර්’ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ය.

එමෙන්ම හොඳම සහය නළුවා ලෙස Robert Downey Jr විසින් ‘Oppenheimer’ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත් වුණා.

හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන එමා ස්ටෝන්ය.

හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය ‘ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට්’ නමැති බ්‍රිතාන්‍ය යුද චිත්‍රපටයයි.

එහිදී හොඳම සහය නිළිය ලෙස Da Vine Joy Randolph ‘The holdovers’ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත් බවයි වාර්තා වන්නේ.

‘ද බෝයි ඇන්ඞ් ද හෙරන්’ චිත්‍රපටය හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට පත් විය.

හොදම නළුවා කිලියන් මර්ෆි

හොදම නිළිය එමා ස්ටෝන්

Oscars 2024: Everything You Need To Know About the 96th Academy Awards – InMusic

Share This