ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 166ක් ලබා ගත්තේය.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) දිනය නිමාවන විට කඩුලු 02ක් දැවී ලකුණු 178ක් ලබා සිටියේය.

ඒ අනුව, පාකිස්තාන කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් පසු වේ.

Share This