ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

උතුරු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට ඊයේ (23) සවස ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය විරාමයක් ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share This