උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24) පෙරවරුවේ සිට යථා තත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව දින දෙකකට පමණ පසුව අද (24) පෙරවරු 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය ද, පෙරවරු 11.00ට බදුල්ල සිට මහනුවර බලා භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ද ගමන් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

තවද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල කොළඹ කොටුව අතර නවතා දමා තිබෙන රාත්‍රි තැපැල් දුම්රිය ද අද (24) දින ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය බළධාරීන් පැවසූහ .

 

Share This