ඉන්දුනීසියානු මුහුදු කලාපයේ රිච්ටර් මාපක 6.9 ක භූකම්පනයක්

ඉන්දුනීසියානු මුහුදු කලාපයේ රිච්ටර් මාපක 6.9 ක භූකම්පනයක්

ඉන්දුනීසියාවේ බන්ඩා මුහුදු කලාපයට රිච්ටර් මාපක 6.9 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) වාර්තා කරනවා.

මෙම භූමිකම්පාව ඉන්දුනීසියාවේ ඇම්බොන් සිට ගිණිකොන දෙසින් කිලෝමීටර් 370 ක් (සැතපුම් 229.9 ක්) වූ අතර කිලෝමීටර 146 ක් ගැඹුරට ඇස්තමේන්තු කර ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PWTC) පවසනවා.

Share This