ඉරිදා පන්ති තහනම් කර දරුවන් කළා කටයුතු වලට යොමු කරන්න – යාපනේ දිසාපතිගෙන් තීන්දුවක්

ඉරිදා පන්ති තහනම් කර දරුවන් කළා කටයුතු වලට යොමු කරන්න – යාපනේ දිසාපතිගෙන් තීන්දුවක්

ඉරිදා දිනය තුළ යාපනයේ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කොට ඊට සහභාගී වන  සිසුන් කලා කටයුතු වලට සහභාගී කරවන බව යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම්  මහතා පැවසීය.

යාපනයේ හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට  සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළ දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ළමයින් ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම කෙසේ හෝ නවතා ඔවුන්ව කලා කටයුතු වලට යොමු කරවීමේ අවශ්‍යතාවයක් යාපනය පුරාම පවතින බවයි.

යාපනයේ සිදු වන විවිධ අපචාර ක්‍රියාවලට පාසල් සිසුන් හා පෞද්ගලික පන්තිවල සිසුන් දායක වන බවත් ඊට බලපාන ලද ප්‍රධාන සාධකය ජංගම දුරකතනය බවත් කී යාපනය දිසාපතිවරයා මේ වසංගතයෙන් සිසුන් බේරා ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිලධාරීන් හා පරිපාලන සේවයේ සියලු නිලධාරීන් අත්වැල්  බැඳගත යුතුව ඇතැයිද කියා සිටියේය

ඒ අනුව පලමු පියවරක් වශයෙන් යාපනය පුරාම ඉරිදා දිනයට පෞද්ගලික පන්ති පැවැත්වීම නවතා දමන බවත් මේ සඳහා ළඟදීම යාපනයේ පෞද්ගලික  අංශයේ ගුරුවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බවත් දිසාපතිවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව  එම නියෝගය කඩ කරණ පෞද්ගලික ගුරුවරුන්ට දඬුවම් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරණ බවද  දිසාපතිවරයා ප්‍රකාශ කළේය.

Share This